AUG
14
වගා ළිඳට වැටී බේරාගත් වන අලියා මිනිස් ජීවිතයක් බිලිගනී

වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරාගත් පිරිසකට එම වන අලියා පහරදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහව කරුවලගහවත්ත ප්‍රදේශයෙන් එම අවාසනාවන්ත පුවත අද(14) වාර්තා විණි.
අවුරුදු 3ක් පමණ වන එම වන අලියා බේරාගැනීමට ගම්වාසීන් අද උදෑසන සිට දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.
කෙසේවුවද අලියා බේරී පළායන අවස්ථාවේ අවට පිරිස ලුහුබඳිමින් වන අලියා කලබලකාරී ලෙස හැසිරී ගම්වැසියෙකුට පහරදී ඇති අතර ඔහු එම ස්ථානයේම මරණයට පත්ව තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් පමණ වන මෙම අවිවාහක පුද්ගලයෙකි.
925 Views
Comments