ඉෂාලිනිගේ මරණය සම්බන්ධව ප්‍රධාන කරුණු 3ක් ගැන පොලීසියේ අවධානය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

ඉෂාලිනිගේ මරණය සම්බන්ධව ප්‍රධාන කරුණු 3ක් ගැන පොලීසියේ අවධානය

ඉෂාලිනිගේ මරණය සම්බන්ධව ප්‍රධාන කරුණු 3ක් ගැන පොලීසියේ අවධානය

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මියයාමේ සිදුවීමට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මාමණ්ඩිය වගකිවයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

 

අජිත් රෝහණ මහතා සඳහන් කළේ දැරියගේ මරණය පිළිබඳව කරුණු තුනක් යටතේ විමර්ශන සිදුකරන බවයි.

 

වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා,


“මේ දැරියගේ මරණය ගැන අපි කාරණා 3ක් ගැන අවධානය යොමු කරනවා.පළවෙනි එක මේ දැරිය මියගියේ කොහොමද? තාම අධිකරණය ඒක වාර්තා කරලා නෑ.

ධිකරණය තමයි එම තීරණය දෙන්නේ. දෙවෙනි එක මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්වෙච්ච කාලපරිච්ඡේද දෙකක් තියෙනවා.

කක් ඒ දැරිය මේ නිවසට එනකම් නොවැම්බර් දක්වා කාලය. අනික් එක නොවැම්බර් ඉඳලා දැරිය මියගිය ජූලි 15 වෙනකම් කාලය.

ඒ ගැන සාක්ෂි සහිතව අනාවරණය කරගන්න අවශ්‍යයි. තුන්වැනි එක දැරිය කෲරත්වයකට භාජනයවීම.

ඒ කාරණා ගැන අපි විමර්ශන සිදු කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිඳ වගකියන්න ඕනේ.

බිරිඳගේ තාත්තා වගකියන්න ඕනේ.”‍ 

views

873 Views

Comments

arrow-up