ඉන්දීය පිළේ යෂ්වේන්ද්‍රට හා ක්‍රිෂ්නප්පාටත් කොවිඩ්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන යෂ්වේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්නප්පා ගෞතම් යන ක්‍රීඩකයන් දෙදෙනාටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු පැවසීය.
ඉන්දීය පිලේ අනෙකුත් ක්‍රීඩකයන් නැවත ඉන්දියාව බලා පිටත්ව ගියද මෙම ක්‍රීඩකයන් දෙදෙනා තව දුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටිති.
ශ්‍රී ලංකාව සමඟ ඊයේ(29) පැවැති අවසන් 20-20 තරඟයට පෙර ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණවල ප්‍රතිඵල අනුව මෙම ක්‍රීඩකයන් දෙදෙනා ආසාදිත වී ඇති බවත් ඉන්දීය පිල ඉන්දියාව බලා පිටත්ව යෑමට මේ වන විට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
812 Views
Comments