මංගල උත්සව පොකුරක් ගැන අනාවරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

මංගල උත්සව පොකුරක් ගැන අනාවරණයක්

මංගල උත්සව පොකුරක් ගැන අනාවරණයක්

උපරිම වශයෙන් සහභාගී වන්නන් 150ක් හෝ සීමිත ආසන ධාරිතාවයකින් යුත් මංගල උත්සව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී තිබුණද මංගල උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම් 'මංගල පොකුරක්' ඇති වීමේ හැකියාවන් ඇති බව යුද හමුදාපතිවරයා අනතුරු ඇගවීමක් කළේය.

 


වාර්තා වී ඇති තොරතුරු අනුව විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල නියමිත ධාරිතාවය ඉක්මවූ මංගල උත්සව පවත්වා ඇත.

 


දෛනික කොවිඩ් රෝගීන් 1500 ඉක්මවන අවස්ථාවක මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද උපදෙස් අනිසි ලෙස භාවිතා කළහොත් තත්වය භයානක වන බවද අණදෙන නිලධාරියා පවසා සිටියේය.

views

769 Views

Comments

arrow-up