ලක්විජය චීනෙට දෙන්න ගිවිසුමක්

පූර්ව කැබිනට් අනුමැතියක් නොමැතිව නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය, චීනයේ CMEC සමාගම සමග ඇමරිකානු ඩොලර් මිලියන 67ක ගිවිසුමක් අත්සන් කර ඇත.
ගිවිසුම් අත්සන් කළද කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව මේ සදහා කිසිදු ගෙවීමක් කළ නොහැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.
මේ සම්බන්ධව පසුව ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය නොලැබුණොත් ගිවිසුම අවලංගු වන බවද, අමාත්‍යාංශ ලේකම්වරිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
854 Views
Comments