කිලෝ 80ක තවත් මැණික් පොකුරක් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

කිලෝ 80ක තවත් මැණික් පොකුරක් හමුවේ

කිලෝ 80ක තවත් මැණික් පොකුරක් හමුවේ

රත්නපුර රක්වාන ප්‍රදේශයෙන් තවත් කිලෝ 80ක් පමණ බරැති මැණික් පොකුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

මෙම මැණික් පොකුරේ අයිතිකරු වන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ව්‍යාපාරිකයකු වන අර්ල් ගුණසේකර මහතායි.

 

මේ වන විට මෙම මැණික් පොකුර වෙන්දේසිය සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත බාරදී තිබේ.

 

එය එළඹෙන නොවැම්බර් මාසයේ චීනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙන්දේසියේදී වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.

 

මෙය ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පමණ වටිනා බවයි සඳහන් වන්නේ.

views

7335 Views

Comments

arrow-up