බිලියන 8ක හෙරොයින් සහ අයිස් අත්අඩංගුවට

මේ වසරේදී මේ වනතෙක් පොලීසිය භාරයටගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අද(30) පෙරවරුවේ බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් රුපියල් කෝටි 40ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 40 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයත් සමඟ මේ වර්ෂයේ ජනවාරි 01 වන දා සිට මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 473කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බවයි.
මේ අතර අයිස් වර්ගයේ මත්‍ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගත් බව පැවසු ඒ මහතා එවායේ වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න බවද පැවසීය.
817 Views
Comments