රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස පිළිබඳව කෙරෙන පරීක්ෂණ ගැන ළමා රක්ෂණ අධිකාරියත් චෝදනා කරයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය මිය යාමේ සිද්ධිය සම්බන්ධන් අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පිරිස හෙට දිනය දක්වා බොරැල්ල පොලිසියේ රඳවා තබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් මෙම විමර්ශන සිදුවන ආකාරය පිළිබඳව තමා සෑහීමකට පත් නොවන බව ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මුදිතා විදානපතිරණ මහත්මිය පවසනවා.
මියගිය දැරියගේ පවුලේ ඥාතීන් ද චෝදනා කළේ නිලධාරින් පර්යේෂණය වෙනතක හැරවීමට උත්සාහ ගන්නා බවයි.
මෙහෙකාර දැරිය සිටි කුටියෙහි ඇතිවූ අභිරහස් ගින්නකින් ඇය මියගිය පසු සිදු කළ මරණ පරීක්ෂණයෙන් ඇය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව අනාවරණය වූවා. මීට පෙර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 22 හැවිරිදි මෙහෙකාර තරුණියක්ද තමා එහිදී දූෂණය වූ බව හෙළිකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මන්ත්‍රීවරයාගේ බිරිඳ, පියා සහ දැරිය නිවෙසට රැගෙන ආ තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන තිබේ.
1097 Views
Comments