JUL
17
තාත්තාට බීර දී පුතා අරක්කු ගත්තාට පිය පුතු දෙපළක් ගහමරා ගනී

නාවලපිටිය කඩියන්ලෙන වත්තේ මේ මලේ කොටසේ පදිංචි කම්කරු ජීවිත ගතකරන 52 හැවිරිදි පියෙකු සහ ඔහුගේ පුතු අතර මෙම ආරවුල ඇති වී තිබේ.
ආරවුලට හේතු වී ඇත්තේ පුතා පානය කිරීමට අරක්කු රැගෙන පියාට පානය කිරීමට බීර බෝතලයක් ලබා දීමේ සිද්ධියක් වන අතර නාවලපිටිය පොලීසිය පවසන ආකාරයට පියා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටියි.
නාවලපිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බවයි.
888 Views
Comments