රිෂාඩ්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී අභිරහස් ලෙස මියගිය දැරියට ලිංගික අතවර වී ඇති බව හෙලිවේ

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙන් මරණයට පත්වූ එම නිවසේ සේවය කල දැරිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මේ වන විට අනාවරණය වී ඇත.
මියගිය දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇයව 2020 වසරේ මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා රැගෙන එන විට ඇයගේ වයස අවුරැදු 15කි.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙහි ඇති වූ අභිරහස් ගින්නෙන් දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලද දැරිය ජුලි 3වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා ද පසුගිය 15 වනදා ඇය ජීවිතක්ෂයට පත්විය.
1294 Views
Comments