ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාවට කෝටි 5800ක පොල්ලක්

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථවට කෝටි පන්දාස් අටසීයක් පමණ ගෙවීමට ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ මෙම හිග මුදල් මෙම වර්ශයේ අප්‍රේල් මස සිට සමාන වාරික 12කින් ගෙවීමට ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය එකඟ වී ඇති බවයි.
වැඩි මිලට තෙල් ලබා ගෙන අඩුවට තෙල් දීම ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට මූලික හේතුව බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.
548 Views
Comments