ගොඩකවෙල කොවිඩ් ව්‍යාප්තිය දැඩිවේ - පවුල් 150ක් නිරෝධායනයට

පසුගිය 26වැනිදා කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ගොඩකවෙල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක් වසා දැමුණු අතර එහි සේවක, සේවිකාවන් 30 දෙනෙකුට කළ පීසීආර් පරීක්ෂණවලින් ඉන් 26 දෙනෙකුම ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
මේ නිසාවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ පවුල් 150ක් නිරෝධානයට යොමු කර තිබේ.
සෞඛ්‍ය අංශ චෝදනා කරන්නේ කර්මාන්තශාලා පාලන අධිකාරිය සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා කටයුතු කිරීම හේතුකොටගෙන මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක විපුල කුමාර මහතා පැවසුවේ,
”ඇඟලුම් කර්මාන්තශාලාවේ නොසැලකිලිමත්කම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. දැනටමත් සමස්ත ආසාදිතයන් 45ක් විතර වාර්තාවෙලා තියෙනවා.”
යනුවෙනි.
මේ අතර වවුනියාව නගරයේ රැඳී සිටි අයගෙන් අහඹු ලෙස තෝරාගත් 470 දෙනෙකුට කළ පීසීආර් පරීක්ෂණවලින් 16 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
ඒ අතරින් එක් ආසාදිතයෙක් වවුනියාව සතොස ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් ඊයේ සවස සිට එම අලෙවිසැළ තාවකාලිකව වසා දැමුණි.
800 Views
Comments