එංගලන්තයට 3-0 ක් ලෙස පූර්ණ තරඟාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තුන්වන හා අවසාන T20 තරඟය ලකුණු 89කින් ජයගන්නට එංගලන්තය ඊයේ සමත්වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කල අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 180ක් රැස්කලා.
මෙහිදී ඩේවිඩ් මාලන් පන්දු 48කදී ලකුණු 76ක් හා ජොනී බේයිස්ත්ට්‍රෝ ලකුණු 51 රැස්කලා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර කඩුලු 04ක් බිඳහෙලුවේ පන්දුවාර 04 තුල ලකුණු 17ක් පමණක් ලබා දෙමින්.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය මෙම තරඟයේදීත් පෙර ලෙසම දක්නට ලැබුණා.
ක්‍රීඩා ලෝලීන්ගේ පමණක් නොව විස්තර විචාරකයින්ගේ පවා උපහාසයට ලක්වූ පිතිකරණයක් පෙන්නුම් කල ඔවුන් සියල්ලන් දැවි රැස්කලේ ලකුණු 91ක් පමණයි.
ඒ අනුව පිට පිටම ලැබූ පස්වන T20 තරඟාවලි පරාජයද ශ්‍රී ලංකාවට අත්වුණා.
872 Views
Comments