පමුණුගම දී හිමි නමක් ඝාතනය කරයි

වැඩිහිටි නිවාසයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර ඇත.
පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුණු එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊයේ(19) උදෑසන ඇතිවූ සිද්ධියකදී මෙම පහරදීම සිදුවී ඇති පහරදුන් පුද්ගලයාද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ අලුත්වල සුමනරතන හිමි නමින් හඳුන්වන හිමිනමකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාල නිර්ණායක අනුගමනය කර ඇුත්ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.
909 Views
Comments