තෙල් බාලාගේ දියණිය මත්ද්‍රව්‍ය සමඟ STF දැලේ

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මුනියන්ඩි වප්පු කරුපයියා බාලන් නොහොත් තෙල් බාලාගේ" දියණිය හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අනතුරුවයි කරුපයියා නිර්මලා නැමැති 41 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 50ක් තිබී ඇති අතර අදාළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.
මෙරට සංවිධානාත්මක අපරාධ රැසකට සැකකරුවෙකු ලෙස නම් කර ඇති තෙල් බාලා මීට වසර 15කට පෙර ඉන්දියාවට පලාගොස් ඇති අතර මීට වසර 03කට පෙර ඔහු තමිල්නාඩුවේ දී මරණයට පත්වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
1263 Views
Comments