ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

සංචරණ සීමා හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයන්ට ඒ සඳහා සහන කාලයක් ලබා දී ඇති බව විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශකර සිටියා.

 

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ඒ අනුව සංචරණ සීමා ඉවත් කිරීමෙන් මසකට හෝ ඊට වැඩි කාලයක් සඳහා මෙය ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

 

පවතින සංචරණ සීමා හමුවේ ජල මීටර් වල සටහන් ලබා ගැනීම ද මේ වන විට දුෂ්කර වී ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශකර සිටියා.

 

ඒ අනුව මසක් හෝ ඊට වැඩි කාලයක් සඳහා මෙම සහන කාලය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

views

1057 Views

Comments

arrow-up