අභයාරාමයේ එන්නත්කරනය ගැන සෞඛ්‍ය ඇමැතිවරියත් කණගාටුවෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

අභයාරාමයේ එන්නත්කරනය ගැන සෞඛ්‍ය ඇමැතිවරියත් කණගාටුවෙන්

අභයාරාමයේ එන්නත්කරනය ගැන සෞඛ්‍ය ඇමැතිවරියත් කණගාටුවෙන්

කොවිඩ් එන්නත ලබා ගැනීමට ඊයේ අභයාරාමයට ජනතාව එක්රැස් වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව සිදු වූ බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

එම සිදුවීම් පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කළ ඇමැතිවරිය මෙවැනි ජනතා ඒකරාශිවීම් තුලින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළට බාධා ඇතිවන බව පෙන්වා දුන්නා.

 

ඇතිවූ තත්ත්වය සහ අභයාරාම අධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම මත ඊයේ පස්වරුවේ විහාරස්ථානය රැඳී සිටි සුළු පිරිසකට පමණක් කොවිඩ් මර්දන ලබාදීමට කටයුතු කර තිබුණා.

views

960 Views

Comments

arrow-up