අගමැති මාතර එන්නත්කරණය බලන්න යයි - (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

අගමැති මාතර එන්නත්කරණය බලන්න යයි - (PHOTOS)

අගමැති මාතර එන්නත්කරණය බලන්න යයි - (PHOTOS)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක වූ කොවිඩ් එන්නත් කරන වැඩ සටහනේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වුණා.

 

එහිදී අග්‍රාමාත්‍යවරයා ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම නිලධාරීන්ට පෙන්වා දුන්නා.

 

අද දිනයේ දී මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති කොවිඩ් එන්නත් කරන වැඩ සටහනේ දී රාජ්‍ය නිලධාරීන් පළාත් ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන් සෞඛ්‍ය නොවන අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් එන්නත්කරණයට ලක් කර තිබුණා.

 

එම අවස්ථාවට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියා.

 

 

 

 

 

 

 

views

1549 Views

Comments

arrow-up