කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකන අයට එරෙහිව චක්‍රලේඛනයක්

නාය යාමේ අවදානම හේතුවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ වලින් ඉවත්ව නොයන පුද්ගලයින් ඉවත් කිරීමට බලතල ලබාදෙමින් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ.
මේ වනවිටත් එම චක්‍රලේඛනය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
ඒ අනුව රතු සලකුණුවලින් දක්වා ඇති නිවාස වල පදිංචිවී සිටින පුද්ගලයින් අනිවාර්යෙන් එම ස්ථාන වලින් ඉවත් විය යුතුය. එලෙස වචන පුද්ගලයින්ට පිසු ආහාර ඇතුළු සහන සැපයීමට ද රජය සූදානමින් සිටී.
873 Views
Comments