මීලඟ ජනපතිවරණයට එන පොදු අපේක්ෂකයා ආණ්ඩුවට සහය දුන් අයෙක්

මීළඟ පොදු අපේක්ෂකයා ලෙස වර්තමාන රජයට සහාය දැක්වූ ප්‍රබල දේශපාලනඥයෙකු ඉදිරිපත් වීමට නියමිත බව දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා.
ඒ අනුව ඉහත දේශපාලනඥයා මේ වනවිට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල භික්ෂූන් වහන්සේ නමක්, එක්සත් ජාතික පක්ෂයට හිතවත් ප්‍රබල හිමි නමක් සහ හිටපු සුවිශේෂී දේශපාලනඥයෙකු ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක නිරත වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ආණ්ඩුව තුළ අපේක්ෂා භංගත්වයට පත්ව ඇති පිරිස් සහ විපක්ෂයේ පිරිස් එක් එක් කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩ නඟා මීළඟ ජනාධිපතිවරණයට මුහුණ දීම මෙම හමුවී සාකච්ඡා කිරීම් වල අරමුණ වී තිබෙනවා.
- සිරිමන්ත රත්නසේකර -
දිවයින ඉරිදා සංග්‍රහය
1299 Views
Comments