ගම්මන්පිලට ඇමරිකානු තානාපතිවරියගෙන් බලපෑම්

මෙරට තුළ ඉදිරියේ දී ඉදි කිරීමට යෝජිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු සමාගමකට ටෙන්ඩරය ලබා දෙන ලෙස ඇමෙරිකානු තානාපතිවරිය බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවී බලපෑම් කර ඇති බව වාර්තා වේ.
දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ 1969 දී ආරම්භ කළ තෙල් පිරිපහදුව පමණයි. එමගින් දිනකට බොරතෙල් බැරල් 38,000ක් පිරිපහදු කරන අතර එය 45,000 දක්වා ඉහළ දැමීමට රජයට අවශ්‍ය වී ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දිනකට තෙල් බැරල් 100,000ක් පිරිපහදු කළ හැකි මහා පරිමාණ යන්ත්‍රාගාර ඉදිකිරීමට යෝජනා වී තිබේ.
මෙම ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් වැය වන අතර එය මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කරන ඉදිකිරීම වනු ඇත.
මෙම නව තෙල් පිරිපහදු මධ්‍යස්ථානය වෙනත් පාර්ශවයක් මගින් ඉදිකර පසුව එය ශ්‍රී ලංකා රජයට පැවරීමට නියමිතය. මෙමගින් රජයට වාර්ෂිකව ඉතිරි වෙන මුදල ඩොලර් මිලියන 300කි.
1159 Views
Comments