කුරගල පෙන්වා බලයට පත් ආණ්ඩුව භාවනා යෝගීව සිටි හිමි නමකගේ ආවාසය ඩෝසර් කරයි

මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් භූමිය අසල ලග්ගල වනාන්තරයේ භාවනායෝගිව වැඩ සිටි බෞද්ධ භික්ෂුවකගේ ආවාස කුටිය සහ වැසිකිලිය කඩා විනාශ කර දමා ඇත. ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසිනි.
එම ස්ථානය වැඩසිටි භික්ෂූන් වහන්සේ සඳහන් කරන්නේ ගම්වාසීන් විසින් වෙහෙසවී සාදා දුන්නේ මේ ස්ථානයට අලි, වලස්, දිවියන්ගෙන් හෝ සර්පයින්ගෙන් කිසිදු කරදරයක් නොමැති බවත් තමන්ට කරදර ඇත්තේ මනුසතා ගෙන් පමණක් බවයි.
මෙම වැඩබිම භාර ප්‍රධාන ඉංජිනේරුවා පවසන්නේ මහවැලි අධිකාරිය සමඟ ඇති ගිවිසුමට අනුව මෙලෙස මෙම ආවාස ගෙය සහ වැසිකිලිය කඩා ඉවත්කර දැමීමට කටයුතු කල බවයි.
source: hirunews
941 Views
Comments