කොවිඩ් නිසා නව දරු උපත් අඩුවීමක්

දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසන්නේ ගර්භණී කාන්තාවන්ට කොවිඩ් ආසාදනය වීම හා ඔවුන්ගේ මරණ හේතුවෙන් රටේ නව දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි.
පනවා ඇති සංචරණ සීමා අනුගමනය කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම මෙයට ප්‍රධාන හේතුව බවද රටේ ජනගහන වර්ධනය සලකා බලන විට මෙය අනාගතයට ගැටලුවක් වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
2025 සහ 2026 පමණ වනවිට මෙම ගැටලුවේ ප්‍රතිවිපාකවලට රටට මුහුණ දීමට සිදුවන බවද විවාහ උත්සව සදහා අවසර ලබාදී ගමන් සීමාවන් ලිහිල් කිරීමෙන් වසරක් තුළ දරු උපත් සංඛ්‍යාව වැඩිකර ගත හැකි බවද ඔහු කියා සිටියේය.
963 Views
Comments