සඳුදා සිට රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට

සියලු රාජ්‍ය සේවකයන් ලබන සඳුදා(02) සිට සාමාන්‍ය පරිදි රාජකාරි සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දන්වා ඇත.
කොරෝනා පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.
ඒ අනුව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව ලබන සඳුදා සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවිය යුතු බවටද පී.බී. ජයසුන්දර මහතා දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයක් මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇති අතර රාජ්‍ය සේවකයන් බහුතරයක්ද එන්නත්කරණයට ලක්කර ඇති නිසා රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුයැයි එහි සඳහන්ය.
කොරෝනා වසංගතය ආරම්භවූ පසු රාජ්‍ය සේවකයන් සීමිත කාර්ය මණ්ඩල වශයෙන් කැඳවීමට හා නිවෙස්වල සිට රාජකාරී කිරීමේ අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබුණි.
726 Views
Comments