එන්නත් කාඩ් පත ළඟ නැත්නම් බස් ගාස්තුව දෙගුණ වේ

අන්තර් පළාත් බස් රථ බලා ගමන් ගන්නා වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් තමා එන්නත්කරණය කළ බවට ලබාදී ඇති කාඩ් පතේ ඡායා පිටපතක් කොන්දොස්තර වරයාට ඉදිරිපත් කළ යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කරනවා.
එලෙස ඉදිරිපත් නොකරන පුද්ගලයින්ගෙන් බස් ගාස්තුව මෙන් දෙගුණයක් අය කෙරෙනු ඇත.
මෙම යෝජනාව මාලාව අද ජනාධිපතිවරයාට සහ විෂයභාර අමාත්‍යවරයාට යොමු කර ඇති අතර හෙට දිනයේ සිට මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.
1024 Views
Comments