මදුරු කීටයන් හදුනාගැනීමට පොලිස් සුනඛයන් පුහුණු කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේ ජලය එක් රැස්වන ආකාරයට පරිසරය අපවිත්‍රව තබාගන්නා ස්ථානවල මදුරු කීටයන් සිටීදැයි හදුනාගැනීමට මහනුවර පොලිස් සුනඛයන් පුහුණු කිරීමේ ඒකකය විසින් සිදුකළ පුහුණු කිරීමකින් අනතුරුව පොලිස් නිල සුනඛයන් වන ජොනී හා රොමා යන සුනඛයන් සාර්ථකව මදුරු කීටයන් හදුනාගැනීමට සමත් වූ බවයි.
ඉදිරියේදී මදුරු කීටයන් හදුනාගැනීම සදහා තවත් නිල සුනඛයන් මේ ආකාරයට පුහුණු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
එතුමා තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පොලීසිය සතුව සිටින 200කට ආසන්න නිල සුනඛයන් විවිධ පොලිස් මෙහෙයුම් සදහා සාර්ථකව සහය දක්වන බවයි.
943 Views
Comments