කොරෝනා එන්නත නොගත් අයට බස් ගමන් තහනම් ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

කොරෝනා එන්නත නොගත් අයට බස් ගමන් තහනම් ?

කොරෝනා එන්නත නොගත් අයට බස් ගමන් තහනම් ?

ඉදිරියේදී එන්නත්කරණය සම්පූර්ණකරන ලද පුද්ගලයින්ට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට රජයෙන් ඉල්ලීම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

 

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ එමඟින් පළාත් අතර බස් රථ ධාවනය ද සිදුකළ හැකි බවයි.

 

එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයින්ට බස්වල ගමන් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

 

“එන්නත් දෙකම ලබාගත් අයට මුදල් ගෙවා ඉක්මනින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න.

එය සෞඛ්‍ය අංශය බලධාරීන් විසින් ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් හොඳයි.

ඒ නිසා අපි යෝජනා කරනවා ඒ හැඳුනුම්පත කඩිනමින්ම නිකුත් කරන්න කටයුතු කරන්න කියලා.

එතකොට සංචරණ සීමා තිබියදී අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රශ්නයක් වෙන්නෙනෑ.

අපි බස්රථවල ගමන් කරන්න ඉඩකඩ දෙනවා ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන සියලු පුරවැසියන්ට.”

views

799 Views

Comments

arrow-up