හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයටත් කොවිඩ් රිංගයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයටත් කොවිඩ් රිංගයි

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයටත් කොවිඩ් රිංගයි

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්, හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු මහේස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය නියෝග කළේ අද දින එම අධිකරණයේ කැදවීමට තිබූ සියලු නඩු කටයුතු වෙනත් දිනයක කැදවන ලෙසයි.

 

 


හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පවසා සිටියේ රෙජිස්ටාර්වරයාට මතු වූ රෝග ලක්ෂණ නිසා සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

 

 


එතුමා තවදුරටත් කියා සිටියේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය සම්පූර්ණ විෂබීජහරණයකට ලක්කර සියලුම නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කිරීමට කටයුතු කරන බවයි.

views

1031 Views

Comments

arrow-up