ලෝකයේ විශාලතම මාණික්‍යය වෙන්දේසියට සූදානම්

පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
මෙම මැණිකට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබේ.
වෙන්දේසියට ඉදිරිපත් කිරීමට පෙර එහි වටිනාකම තක්සේරු කරගත යුතු වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භකර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
එම මැණික වෙන්දේසි කිරීම චීනයේදී ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය.
මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමි වන බවද ඔහු පැවසුවේය.
රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය වන මෙම මැණික කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්තවේ.
2251 Views
Comments