අනියම් සම්බන්ධතාවයක් නිසා එසවුණු ආයුධය

එකම පවුලේ සහෝදරයින් තිදෙනෙක් ඇතුළු පස්දෙනෙක් විසින් කොහුවල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට දී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පහරදීම සඳහා යොදා ගත් කඩුවක්, මන්නයක්, පිහියක් හා ජංගම දුරකථනයක්ද කොහුවල පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉකුත් 15 වන දා එම පහරදීම සිදුවූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ අරබකන්ද, මංගලසිරිපුර, වැල්ලවිට, කන්දවත්ත, වැල්ලතුඩැල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 26, 27, 28, 29 යන වයස් කාණ්ඩවල පුද්ගලයන් බව පොලීසිය පවසයි.
පහරකෑමට ලක්වු පුද්ගලයා ප්‍රධාන සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අතර ප්‍රධාන සැකකරුද තුවාල ලැබු පුද්ගලයාගේ සහෝදරියක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගන ගොස් ඇති බවද පොලීසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකරුගේ බිරිඳ පහරදීම සිදුවු දිනයේ බැංකුව වෙත යන බව පවසා නිවසින් පිටව යාම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත කුලී පදනම මත ලබාගත් රථයකින් සැකකරුවන් බිරිඳ පසුපස හඹාගොස් තිබේ.
පසුව ඇය බැංකුව වෙත ගොස් ඇති අතර පහරකෑමට ලක්වු පුද්ගලයාද බැංකුව අසලට පැමිණීම නිසා පහරදීම සිදුව තිබේ.
පහරදීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර පිළියන්දල ප්‍රදේශයේ කුලී රථ සමාගමක් අසල නවතා තිබියදී මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
836 Views
Comments