වන අලි පහරින් තිදරු මව නිවසේදීම අවසන් ගමනේ

මහව , දළදාගම , උල්ලලපොළ ප්‍රදේශයේ සිය නිවසේ සාලයේදී ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස් තිබේ.
පී.එච් .නන්දාවති (අවුරුදු 47) නැමැති මව මෙසේ මරණයට පත්ව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි.
පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ දළදාගම හන්දියට ආසන්න අතුරු මාර්ගයක මීටර් 100ක් පමණ දුරකින් ඔවුන්ගේ නිවස පිහිටා ඇති අතර සිද්ධිය වු දිනයේ දළ ඇතා ගෙවත්තට කඩා වැදී ඇතැයි පොලිසිය පවසයි.
ඇතාගේ ශබ්දය ඇසි නිවැසියන් අවදි වී ඇතාව එළවීමට උත්සාහකර ඇති බවත් ඇතා ඒ අවස්ථාවේ අල්ලපු වත්තට ගොස් ඇති බවත් පොලිසිය පවසයි .
මේ තිදරු මවත් ,ඇගේ සැමියා හා ලේලිය මිදුලට පැමිණ ඇතාව පලවා හරිමින් සිටියදී යාබද වත්තට ගිය ඇතා ආපසු හැරි ඔවුන් වෙතට පන්නාගෙන පැමිණ ඇති බවත් සැමියා හා ලේලිය කුස්සිය පැත්තේ දොරින් නිවසට ඇතුළු වී ඇති බවත් තිදරු මව ඉදිරිපස දොරෙන් ඇතුළු වීමේදී ඇතාගේ ග්‍රහණයට හසුව මෙලෙස මියගොස් ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
852 Views
Comments