නම් පහකින් පෙනී සිටිමින් විවිධ වංචා සිදුකල පුද්ගලයෙක් අත්අඩංගුවට

දඹුල්ල පොලීසිය විසින් ඊයේ(10) දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී ඔහු විවිධ අවස්ථාවලදී නම් 5කින් පෙනී සිටිමින් විවිධ වංචා සිදුකර ඇති බව අනාවරණය වු බව පොලිසිය පැවසීය.
එම පුද්ගලයා සම්බන්ධයෙන් මහඔය හා කැකිරාව පොලිස් ස්ථානවලට අදාළව විවිධ නඩු ඇති බවට අනාවරණය වී තිබේ.
සැකකරු ඊයේ දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් භාරයට පත්කර ඇත.
මෙම සැකකරු දඹුල්ල ප්‍රදේශයේ තාවකාලික පදිංචියක් ඇති මහව, බලල්ල ප්‍රදේශයේ ස්ථීර පදිංචිය ඇති අයෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
මේ අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මාලඹේ - සුසිලාරාමය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෂීෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සැකකරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අදාළ නඩු භාණ්ඩ සමඟ භාරදී ඇති බවයි.
871 Views
Comments