ලොරි රථයට විදුලි සැර වැදී දෙදරු පියා ජීවිතක්‍ෂයට

වීරකැටිය මිද්දෙනිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට ප්‍රවේශ වූ ලොරි රථයක විදුලිය වැදීමෙන් ලොරි රථය පදවා ගෙන එන ලද අයෙකු මිය ගොස් ඇති බව මිද්දෙනිය පොලීසිය කියයි.
විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු වූ දෙදරු පියෙකු වූ ජාසිං ආරච්චිගේ අමිල උදයංග නම් අයෙකු බව පොලීසිය කියයි.
ඔහු තම නිවසට යාම සදහා ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයට ලොරි රථය හැරවීමට යාමේදී ඒ අසල තිබූ විදුලි කණුවක අනාරක්ෂිතව තිබූ විදුලි රැහැනක ලොරිය ගැටී මෙම අනතුරුව සිදුව ඇති බවට පොලීසිය සැක කරයි.
654 Views
Comments