අප්‍රේල් මාසයේ පමණක් උද්ධමනය 33.8%ක් නවතම වාර්තාවක් හෙළි කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

අප්‍රේල් මාසයේ පමණක් උද්ධමනය 33.8%ක් නවතම වාර්තාවක් හෙළි කරයි

අප්‍රේල් මාසයේ පමණක් උද්ධමනය 33.8%ක් නවතම වාර්තාවක් හෙළි කරයි

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේ 33.8%ක් ලෙස සටහන්ව ඇත.

 

ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ සියයට 29.5ක් ලෙස සටහන් වුව ද එය අප්‍රේල් මාසයේ 45.1%ක් ලෙස සටහන්ව තිබේ.

 

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ 14.5%ක් ලෙස සටහන්ව ඇති අතර එය අප්‍රේල් මාසයේ සියයට 23.9ක් ලෙස සටහන්ව ඇත.

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව, මාර්තු මාසයට සාපේක්‍ෂව අප්‍රේල් මාසයේ මාසික පවුලක වියදම රුපියල් 5672.59කින් ඉහළ ගොස් තිබේ.

views

594 Views

Comments

arrow-up