තෙල් පෝළිමෙන් පිට පැන්නැයි බස් රියැදුරුගේ බෙල්ල කපලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

තෙල් පෝළිමෙන් පිට පැන්නැයි බස් රියැදුරුගේ බෙල්ල කපලා

තෙල් පෝළිමෙන් පිට පැන්නැයි බස් රියැදුරුගේ බෙල්ල කපලා

බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හලක පෝළිමේ රැඳී සිටි බස්රථ රියැදුරකු විසින් පෙරේදා (22) සවස තවත් බස්රථ රියැදුරකුගේ බෙල්ල තියුණු ආයුධයකින් කපාදමා පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි.

 

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමෙන් පිට පැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම ගැටුම හටගෙන තිබේ.

 

 මෙම සිදුවීමත් සමගින් කුපිත වූ තවත් බස්රථ රියැදුරන් පිරිසක් මාර්ගය හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු අතර තුවාල ලැබූ පුද්ගලයාද තමාට තුවාල සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තෙක් තමන් රෝහල්ගත නොවන බව පවසමින් මාර්ගය මැද වාඩිවී සිය විරෝධයද පළකරන්නට විය.

 

පොලිසිය තුවාලකරුව රෝහලට රැගෙන යෑමට උත්සහ කළද කළහකාරී පිරිස් එයට ඉඩ ලබා නොදුන් අතර පසුව පොලිසිය තුවාලකරුව ඔසවාගෙන 1990 ගිලන් රථයෙන් බදුල්ල මහ රෝහලට යැවූහ.

 

එම අවස්ථාවේදීද කලහකාරීන් පොලිසියට විරෝධය පළකළ අතර එහිදී එම පිරිසේ සිටි හයදෙනකු සැක පිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

views

644 Views

Comments

arrow-up