අර්බුද මැද්දේ ඇඟලුම් කම්හල් ටිකත් ලංකාවෙන් ඉවත් කර ගැනීමේ සූදානමක්

රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30ක් පමණ මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්තශාලා ප්‍රධානීන් සූදානම් වන බව වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය පවසයි.
එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසුවේ අපනයන නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකිවීම සහ ඉන්ධන හිඟය ඊට හේතුවී ඇති බවයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සමස්ත නිෂ්පාදන කටයුතු සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයිද හෙතෙම පැවසීය.
656 Views
Comments