සෝයා බඩ ඉරිඟු නොමැතිව ත්‍රිපෝෂ කම්හල වසා දමයි

බඩඉරිඟු හා සෝයා නොමැතිවීම හේතුවෙන් අතිරේක ආහාර නිෂ්පාදන ආයතන වසා දමන තත්ත්වයකට පන් පැමිණ ඇතැයි එම නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.
විශේෂයෙන් නොමිලේ ලබාදීම සඳහා අතිරේක ආහාරයක් වන ත්‍රිපෝෂ නිපදවන රජයේ ත්‍රිපෝෂ කම්හලද මේ වනවිට බඩඉරිඟු හා සොයා නොමැතිවීම හේතුවෙන් වසා දමා තිබෙනවා.
ත්‍රිපෝෂ වලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ සමාගම්ද මේ වන විට මෙම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රශ්ණය හේතුවෙන් නිෂ්පාදන අවම කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම බඩඉරිඟු හා සෝයා යොදාගෙන අතිරේක ආහාර නිපදවෙන කුඩා පරිමාණ ව්‍යාපාර බොහොමයක් මේ වන විට වසා දමා ඇතැයිද අප කළ සොයා බැලීමකදී හෙළිවිය.
මේ වනවිට රට තුළ බඩඉරිඟු හිඟයක් ඇති බවත් ඉදිරි මාස් කන්නයේදී එනම් ලබන ඔක්තෝබරයේ ගොවීන් විසින් බඩ ඉරිඟු වගා කළහොත් එහි අස්වනු වලින් නිෂ්පාදනය කළ හැකි බවත් ත්‍රිපෝෂ ලංකා ආහාර නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් තවලම්පොල මහතා පැවසුවා.
යල කන්නය වගා නොකිරීමට හේතුව යූරියා හිඟය බව කී ඔහු මාස් කන්නයේදී යූරියා හිඟ වුවහොත් අස්වනු බලාපොරොත්තු විය නොහැකි බවත් එයින් අතිරේක ආහාර නිෂ්පාදනය මුළුමනින්ම කඩා වැටෙනු ඇති බවත් පෙන්වා දුන්නා.
මේ නිසා බඩ ඉරිඟු වගා කරන ගොවීන් සඳහාද සහනාධාරයක් ලබා දීම දිරිමත් කිරීමට රජය පියවර ගත යුතු යැයිද ඔහු කියා සිටියා.
වාර්ෂිකව මෙරට බඩ ඉරිඟු පරිභෝජනය මෙට්‍රික් ටොන් 3.5ක් පමණ වනවා.
1078 Views
Comments