ඖෂධ හිගය තව මාස තුනක් තියනවා

මේ වනවිට පවතින ඖෂධ හිගය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසනවා.
ඊට හේතුවී ඇත්තේ ඖෂධ ලබාගැනීම සඳහා නියමිත කාලයේදී ණයවර ලිපි විවෘත නොකිරීමයි.
මාස කිහිපයක් ප්‍රමාද වී තිබූ ණයවර ලිපි රැසක් විවෘත කළේ ද මෑතකදී බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
ඊට අමෙරිකානු ඩොලර් මිලියන 19 යි දශම 2 කට අදාළ ඖෂධ 186 ක් ඇතුළත්. යුරෝ එක්ලක්ෂ 75,000 කට අදාළ ඖෂධ හා ශල්‍ය උපාංග 12 ක්ද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3 යි දශම 7 කට අදාළ ඖෂධ ශල්‍ය උපාංග හා වෛද්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 73 කට අදාළ ණයවර ලිපි ද ඒ අතරට ඇතුළත් වනවා.
744 Views
Comments