ඇප ලැබුණු ගල්වැව සිරිධම්ම හිමියන් යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට ඊයේ (23) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබුණි.
කෙසේ නමුත් පසුගිය ජුනි 10 වන දින බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට පැවති විරෝධතාවයකදී පොදු දේපළවලට හානි කිරීමේ චෝදානාවට පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නැවත ඊයේ (23) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ සිරිධම්ම හිමියන් ලබන මස 06 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
214 Views
Comments