කෘෂිකර්ම අමාත්‍යාංශයේ නොසැලකිල්ලෙන් චීනයට කෙසෙල් අපනයනය කිරීමේ ගිවිසුම අහිමි වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නොසැලකිල්ල හේතුවෙන් කෙසෙල් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුමක් අහිමි වී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගත් එම අවබෝධනා ගිවිසුමට අනුව කෙසෙල් වගා කරන ගොවීන් 150කගේ ජීව දත්ත චීන රජයට ලබා දී කෙසෙල් චීනයට අපනයන කිරීමට සැලසුම් කර තිබුණි.
ඊට අනුව සතියකට කෙසෙල් මෙට්‍රික් ටොන් 500ක් බැගින් කෙසෙල් මෙට්‍රික් ටොන් 2,000ක් චීනයට අපනයනය කිරීමට සැලසුම් කර තිබුණි.
කෙසේ නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් කෙසෙල් අපනයනය අහිමි වී ගිය කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය එච්.එම්.සුබහීන්කෙන්ද ප්‍රකාශ කර තිබුණි.
212 Views
Comments