නිවසට පැමිණි නන්නාඳුනන පුද්ගලයෙකු පරිපාලන නිලධාරිනියව මරා දමලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

නිවසට පැමිණි නන්නාඳුනන පුද්ගලයෙකු පරිපාලන නිලධාරිනියව මරා දමලා

නිවසට පැමිණි නන්නාඳුනන පුද්ගලයෙකු පරිපාලන නිලධාරිනියව මරා දමලා

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ නිවසට ඊයේ (04) අලු‍යම ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

 

මෙලෙස ඝාතනය වී තිබෙන්නේ ලංකාපුර, තල්පොත, අංක 16/1 හි පදිංචිව සිටි එම්. එම්. යමුණා පද්මිණි නම් 45 හැවිරිදි දෙදරු මවකි.

 

පොලිසිය පවසන ආකාරයට ඊයේ(04) අලු‍යම 2ට පමණ නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු නිවසේ උඩු මහලේ නිදන කාමරයේ ඇඳ අසලදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. 

 

මෙම ඝාතනය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර නිවස මංකොල්ල කෑමට පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර පළා යන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.

 

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය වූ යමුණා පද්මිණී මහත්මිය වයස අවුරුදු 5ක සහ අවුරුදු 11 ක දියණියන් දෙදෙනකුගේ මවකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

views

277 Views

Comments

arrow-up