දෙනෝදාහක් ඉදිරිපිට බැස්ටියන් මාවතේ සිදුවූ වෙඩි තැබීම ගැන තොරතුරු එළියට

පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ ඊයේ(30) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් තිබෙන්නේ කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නැමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ ලක්ෂිත කමාන්ඩෝ සෙබළකු ලෙස සේවය කර නීත්‍යාණූකූළව සේවයෙන් ඉවත්වී කොළඹ ප්‍රදේශයේ සුපිරි අවන්හලක සේවය කරමින් සිට ඇත.
සුපිරි අවහන්හලේ දී ඇති වූ වැටප් ආරවුලක් සම්බන්ධයෙන් ලක්ෂිත විරාජ් හා අදාළ අවන්හලේ සේවකයින් පිරිසක් වෙත කුරුඳුවත්ත පොලීසිය මගින් නඩු පවරා ඇති අතර, අදාළ නඩුවට පෙනී සිටිමට ගොස් නැවත එමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ලක්ෂිතවිරාජ් ජීවිතක්ෂයට පත්ව ඇත.
1293 Views
Comments