"සහල් හිඟයට මුහුණ දීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ඕනෑ" - ඇමති මහින්ද අමරවීර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

"සහල් හිඟයට මුහුණ දීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ඕනෑ" - ඇමති මහින්ද අමරවීර

"සහල් හිඟයට මුහුණ දීමට නම් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ඕනෑ" - ඇමති මහින්ද අමරවීර

රටේ සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගන්නට නම් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක සහල් අවශ්‍යතාවයක් සපුරාගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

 

ඉකුත් මහ කන්නය මෙන් මෙවර යල කන්නයද අසාර්ථක වුවහොත් දැවැන්ත ආහාර අර්බුදයකට රට මුහුණ දෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

 

ඇළ දොළ වැව් අමුණු පමණක් නොව කුඹුරුවල පවා ජලය පිරී පවතින නමුත් යල කන්නයේ අස්වද්දා ඇත්තේ කුඹුරු බිම් වලින් 45% ක් පමණ යැයිද හෙතෙම පවසා සිටියා.

 

ගොවීන් එසේ වගාව අත්හැර ඇත්තේ පොහොර, වල්නාශක, කෘමිනාශක ඇතුළු යෙදවුම්වල හිඟකම නිසා යැයිද පැවසූ අමරවීර මහතා, එය එසේ නොවුණේ නම් ඉතිහාසයේ වැඩිම අස්වනු ලැබූ කන්න දෙක ලෙස ඉකුත් මහ කන්නය සහ මෙම යල කන්න දෙක සැලකෙනු ඇත ඇයි ද පැවසුවා.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය ධූරයේ වැඩ ඇරඹීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

 

"කිසිදු සහල් හිඟයක් හෝ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවට මින් පෙර සිටි කෘෂිකර්ම ඇමතිවරු පුන පුනා ප්‍රකාශ කළත් මම එවකට පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටියදී පවා මේ වසරේ විශාල ආහාර හිඟයක් එන බව රජයට පෙන්වා දුන්නා."

 

"මොකද මම දන්නවා රටේ ඈත ගම් දනව්වල සෑම සති අන්තයකම ගතකරන රටවැසියෙක් වශයෙන් ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටලුකාරී ස්වභාවය. මම අඟුණකොළපැලැස්සේ නිවසට ගිය හැම දිනකම ගොවි ඇවිත් ඔවුන්ගේ දුක්ගැනවිලි මට ඉදිරිපත් කළා. රටේ ඇතිවිය හැකි ආහාර හිඟය මඟහරවා ගැනීම සඳහා මම පරිසර ඇමැතිවරයා වුණත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. රටේ ඇතිවිය හැකි ආහාර හිඟය මඟහරවා ගැනීම සඳහා පරිසර ඇමැතිවරයා වුණත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා වහා රට තුළ  වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට. කාබනික ගොවිතැන වැදගත් සංකල්පයක්, නමුත් කාබනික ගොවිතැන මිනිසුන්ට එපා කරවන තැනට කටයුතු කර තිබෙනවා. රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක නොමැතිව වගා කළ නොහැකි බව අප පෙන්වා දෙන විට සමහරු මමත් කෘෂිකර්ම අමාත්‍යංශයේ සමහර නිලධාරීනුත් රසායනික පොහොර කර්මාන්තකරුවන්ගේ ඒජන්තයින් ලෙස හංවඩු ගැසුවා."

views

1684 Views

Comments

arrow-up