රස වැඩියෙන්, ලුණු අඩුවෙන් කන්න – ශිරන්ති රාජපක්ෂ

අධික ලුණු භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර අධි රුධිර පීඩනය සහ ඊට අදාළ සංකූලතා ඇතිවීමේ අවධානනම ඉහළ යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.
මෙම අදහස් පලව ඇත්තේ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ “රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය 2021′ අවසන් මහා තරඟයේදීයි.
ලුණු අඩු ආහාරවේලක ඇති වැදගත්කම පිළිබදව ආහාර තාක්ෂණ සහ සූප ශාස්ත්‍ර කටයුතුවල නියුතුවන්නන් මෙන්ම මහජනතාවට අවබෝධයක් ලබාදීමට මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා.
1168 Views
Comments