DEC
01
විදුලි බිල වැඩි කිරීම ගැන අපෙන් තාම අහලා නැහැ - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩය මෙතෙක් සිය කොමිසමෙන් ඉල්ලීමක් කොට නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සදහන් කරනවා.
එම යෝජනාව එනතෙක් තමන් බලන සිටින බවත් ඊට විසඳුම් සිය කොමිසමෙන් ලබා දෙන බවත් හෙතෙම පවසනවා.
සිය කොමිසමට ඇති දත්ත අනුව විදුලි බිල වැඩි කිරීමට අවශ්‍යතාවක් නැති බවද ඔහු කියාසිටිනවා.
එසේම විදුලි බිල වැඩි කිරීමට පෙර විසඳාගත යුතු කරුණු කිහිපයක් ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.
214 Views
Comments