බම්බලපිටියේ දී ගාලු කුමාරි නතර වෙයි

ගාල්ල බලා ගමන් කරමින් තිබු ගාලු කුමාරි දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී ක්‍රියාවිරහිත වී තිබුණි.
කොළඹ කොටුවෙන් සවස 03.45ට පිටත් වූ ගාලු කුමාරි දුම්රිය තිරිංග පද්ධතිය සිර වීම හේතුවෙන් මෙලෙස බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තබා තිබුණි.
පැයක පමණ කාලයක් සිදු කළ අලුත්වැඩියා කටයුතුවලින් පසුව දුම්රිය නැවතත් ධාවනය කිරීමට සුදුසු තත්ත්වයට පත් කර ගැනීමට හැකිව තිබුණි.
මේ අතර ගාලු කුමාරි දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නතර වීම හේතුවෙන් එම දුම්රිය පිටුපස පැමිණි තවත් දුම්රිය 02ක් ගමනාන්තයන් කරා යාමට නොහැකිව බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නවත්වා තැබීමට සිදු වුණි.
249 Views
Comments