යකඩ බැරලයක සොඬය සිර වූ අලියා වනජීවී නිලධාරීන් බේරා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

යකඩ බැරලයක සොඬය සිර වූ අලියා වනජීවී නිලධාරීන් බේරා ගනී

යකඩ බැරලයක සොඬය සිර වූ අලියා වනජීවී නිලධාරීන් බේරා ගනී

යකඩ බැරලයක සොඬය සිරවී සිටි වන අලියෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබුණි.

 

ඊයේ (16) රාත්‍රියේ මින්නේරිය යුද හමුදා කඳවුරට පැමිණි වයස අවුරුදු 25ක පමණ අඩි 08ක් පමණ උස වන අලියෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණි.

 

වන අලියා යුද හමුදා කඳවුරේ තිබූ යකඩ බැරලයකට හොඬවැල දැමූ අවස්ථාවක දී එය යළිත් ගැනීමට  නොහැකි ආකාරයෙන් යකඩ බැරලය තුළ සිරවී තිබුණි.

 

පසුව වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ අලියා නිර්වින්දනය කර හොඬය බැරලයෙන් මුදා ගෙන තිබුණි.

 

අනතුරෙන් අලියාගේ හොඬයට සුළු තුවාල සිදු වී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමෙන් පසුව වනඅලියා මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදාහැර තිබුණි.

 

views

193 Views

Comments

arrow-up