තැපෑලෙන් ආ දෙකෝටි අනූහතර ලක්ෂයක් වටිනා කුෂ්

තැපැල් මගින් ප්‍රවාහනය කරන ලද පාර්සලයක් හරහා මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (10) රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගැනීමට සමත් විය.
ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාල විදේශ පාර්සල් කොට්ඨාශයට පැමිණි සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබුණි.
ඇමරිකාවේ සිට ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත එවා තිබූ කිලෝ 01යි ග්‍රෑම් 960ක් බරැති පාර්සලයේ තිබූ එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක පමණ වටිනාකමකින් යුක්තය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කිරීම සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ එම පාර්සලය භාර ගැනීම සඳහා ගාල්ල තැපැල් කාර්යාලය වෙත පැමිණ සිටි යුවලක් ගාල්ල පොලිසියට භාරදී තිබේ.
198 Views
Comments