NOV
24
ඕමාන මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ඕමාන මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාසා නැමැති පුද්ගලයා දෙසැම්බර් 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය අද (24) නියෝග කර තිබේ.
ඕමානයේ සහ ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන පවසමින් මිනිස් ජාවාරම සිදුකළ මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 19 වනදාය.
මෙම සැකකරු විසින් බාලවයස්කරුවන්ට රැකියා ලබා දෙන බව පවසමින් සංචාරක වීසා මත විදෙස් රටවලට රැගෙන ගොස් මෙම ජාවාරම සිදු කර ඇත.
189 Views
Comments