NOV
24
මහේස්ත්‍රාත් අධිකරණයේ මත්පැන් පානය කළ අයට වුණ දේ

පදවිය මහේස්ත්‍රාත් අධිකරණය තුළ නඩු විභාගයක් පැවැත්වෙන අතරතුර අධිකරණ ප්‍රධාන පිවිසුම් දොරටුව අසළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔවුන් දෙදෙනාව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක හමුවට ඉදිරිපත් කර තිබේ.
එහි දී ඔවුන් දෙදෙනාව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කර තිබේ.
223 Views
Comments